LOCAL

පොහොට්ටුවේ සියළු ප්‍රාදේශිය සභා සභාපතිවරු අරලිගහ මන්දිරයට – මහින්දව යැව්වොත් ගෝඨාවත් යවන බව තදින්ම කියයි

පොහොට්ටුවේ සියළු ප්‍රාදේශිය සභා සභාපතිවරු අරලිගහ මන්දිරයට – මහින්දව යැව්වොත් ගෝඨාවත් යවන බව තදින්ම කියයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය ප්‍රාදේශිය සභා සභාපතිවරුන්,නගර සභා සභාපතිවරුන් අරලියගහ මන්දිරයට පැමිණ තිබේ.

මෙහිදී පොදු ජන පෙරමුණේ සියළුම දෙනා ඒකමතිකව යෝජනාවක් සම්මත කරගැනීමට කටයුතු කර තිබේ.මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් නොවිය යුතු බවත්,එලෙස ඉවත් කිරිමට ජනාධිපතිවරයා ක්‍රියා නොකළ යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණියේ මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයාගේ ඡන්ද පදනමින් බව ඔවුන් මෙහිදි සිහිපත් කර තිබේ.විශේෂයෙන්ම කිසිදු ආකාරයක ඡන්ද පදනමක් නොමැති පුද්ගලයින් සමග අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරිමට ජනාධිපතිවරයාට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බව ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දැඩිව මෙහෙදි අදහස් පළ කල තිබේ.

පැවැති දූෂිත යහපාලන ආණ්ඩුව පෙරලා දැමීමට නායකත්වය දෙනු ලැබුවේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ බවත්,69 ලක්ෂයට මූලික පදනම දැමූ නායකයාව ඉවත් කිරීමට ජනවරම අනූව සිදු කළ නොහැකි බව ඔවුන් එහිදි අදහස් පළ කර තිබේ.

එලෙස සිදු වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට මෙම ඉරණම අත්වීම වැලැක්විය නොහැකි බව ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.