LOCAL
අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ පසු රඹුක්කන “ඝාතක පොලිස්“ කණ්ඩායම ලෙඩ වෙලා!
එස්එස්පී කීර්තිරත්න ඊයේම නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වෙලා... ඉතිරි පස් දෙනා කුණ්ඩසාල රෝහලට ඇතුළත් වෙලා...

රඹුක්කන පුද්ගල ඝාතනයට අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඊයේ නියෝග කිරීමෙන් පසු ඝාතක පොලිස් කණ්ඩායම පෝලිමේ ගොස් රෝහල්ගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඝාතනයට අණ දුන් ප්‍රධාන සැකකරු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න නියෝගය නිකුත්වූ වහාම තමන්ට දැඩි ලෙස වමනය යන බව පවසමින් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු සම්බන්ධව අවධානයෙන් සිටීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද වාර්තා වේ.
අනතුරුව සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ඇතුළු ඉතිරි පොලිස් නිලධාරීන් හය දෙනා විවිධ රෝගාබාධ දක්වමින් කුණ්ඩසාල පොලිස් රෝහලට අද ඇතුළත් වී අතැයි පැවසේ.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දන්වා සිටියේ කෑගල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ලබා දුන් අධිකරණ නියෝගය අද උදේ වනතුරු පොලිස්පතිවරයාට ලැබී නැති බවය.